ආදරය සහ මුහුදු වෙරල අතර ඇත්තේ අපුරු සබදකමකි ,ඒ කුමක් නිසාදයි විටෙක මම විපිළිසර වෙමි .එහෙත් අද සැදෑ වරුවේ මට සිතුනේ වෙසෙසකි . හිරිමල් යවුවනියකගේ සිතට අහම්බෙන් මෙන් ගොඩ වැදී තුන් සිතම හිරි වට්ටන පිරිමි රුව කවරක් සදිසිද?? .වෙරල සිවු කොන සිසාරා නෙත යවමි . පරිප්පු වඩයක මදක් බැදුණු අමු ලුණු කෑලිද ,කර කල සැර රතු මිරිස් මතින් ,දෙකම්මුල් කිතිකවන තක්කාලි පෙත්තක මිහිරියාව කැටි කල ඉස්සෝ වඩේ !!!!!

සමා වනු මැනවි ,,, සැබවින්ම ඔහු එසේ නොවන්නේද ?
ගුමු ගුමුව වදුලේ- - සිලි සිලිය සුළගේමුණු මුනුව නදියේ- කසු කුසුව ගගුලේ - -අදයි මට ඇසුණේ
රසම රස වඩේ අහංකාර කමින් වැඩිය, අත් කරත්තෙක විරාජමානව වැඩ හිදිමින් මේ තරම් නම් ඔච්චම් පාන්නේ මොකටද ?කල් යල් බලා තමන් සතු කර ගත් වඩේ පාර් සලය රස විදින්නට දැන් වෙලාවයි.. ඊට පළමුව ඔබට අවැසි වන්නේ මුහුදු රල මත සිත සතපවා ක්ෂිතිජය වෙතටද ඉන් එහාටද චාරිකා කරන්නටය , ඉනික්බිති රස විදින්න ප්‍රේමය සමගින් ඉස්සෝ වඩේ.. .

"අපි ඇතින් ඇතට පා නගලා ගණ වනන්තරේ -අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ"
ඉමිහිරි දෙහි සුවදට මුසුව එන කොච්චි කරලක සැර ආග්‍රහණය කැටි කල ලුණු මිරිස හා පදමට කර වුනු වඩේ වන් සුමිහිරි සුසංයෝගයක් වෙනත් කොයින්ද ??අමු ලුණු පෙත්තක් රස විදින තර අනපේක්ෂිතව රතු මිරිස් කරලක් සැපෙයි , එවිට සියුම් කදුළු පටකින් නෙත් කෙවෙනි වැසී යයි , දැන් වඩේ කෑම එපා වෙයි ....එහෙත් සැබවින්ම සිදුවන්නේ ඔබ තවත් එයට ආදරය කිරීම පමණි .
"ජීවිතේ කවියක්- ආදරේ එහි සොදුරුතම වදනක් කදුලැලි බිදක්
හසරැලි පොදක්- එකට එක්වූ විට දැනේ පෙර නොවිදි රසයක්"
බිදෙන් බිද සිත තුල ආශ්වාදය නලියමින් සිවුම් සන්වෙදනවකින් ඔබේ ගත කිලි පොළ යයි. මෙතෙක් ඔබ පය ගසන්නට මැලි උන හදවතේ ගුප්ත ඉසවුවක් සැනින් ආලෝකවත්ව දිස්වෙනු දකියි . හදවතේ සිවුම් ස්ථානයන් කම්පිතව අතිශය තීව්ර භාවමය ප්රකම්පනයකට ඔබ නතු වෙයි. සිවුම් සැතකින් කේශනාලික පසාරු කරන කලක මෙන් වේදනාවකින් ගත වෙලී යයි .සක්වල එතෙරටද , කිරි මුහුද කලබාවා මහමෙර සසල වනු රිසින් කෑ ගසා පවසන්නට යමක් ඔබට ඇත , එහෙත් සිවුම් කෙදිරිල්ලකටදු අවකාශ නැත .
"රල පෙළක් හැඩවෙන තැනක් ඔබ මදු විතක් උතුරන තැනක් .....
මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි"


"පසළොස්වක සද පායනු වැන් නේ -සොදුරු කිදුරු රුව ආල වඩන්නේ
සිතුම් පැතුම් ඉටු වේවිද මන්ද -පුරුවේ කල -පිං අපට කොයින්දා"
ඔබට ඇසෙනවාද කරස් යන හඩින් වඩේ සැපෙන හඩ , ඔහුගේ ලය මත හිස හොවා ඒ ගැස්මට සවන් දෙන්න ඒ හද උණුසුම් යයි ඔබට හැගෙනවාද , ඔබත් මාත් ඒ හඩත් හැර මුළු ලොවම මොහොතකට නිසලවෙනවානම්;

"සිනහ වේවි අපි නැටුවට පොළොවට වෙහෙස දැනෙනවාද
කදුලැලි දහදිය හෙලුවට මහා කළු ගල්දිය වෙනවාද එනමුදු ඔබගේ බැල්මට කගේ හදවත වාවයිද
හිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද "
ෂහ්...වඩේ! මම ආසම කෑම :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
වඩේ ගත්තම ගොඩක් ප්‍රබේද තියෙනවා රජෝ , හරියටම කියමු බලන්න මොන වඩේද කියලා ?
Deleteඅපේ ස්කෝලෙ තිබුණ කැන්ටිමේ හැමදාම අළුත් ඉස්සා විතරයි.. වඩේ පරණයි..!
ReplyDeleteකෑමත් වෙලාවකට කලාවක්.. මට එහෙම හිතුණා.. :)
සමහර ආදර පලහිලව් තියෙනවා ඒවත් ඔහොම තමා , වඩේ පරණයි ඉස්සා අලුත්
Deleteදැන් වැඩ දෙකක් කරන්න පුළුවන්
එකක් අමාරුවෙන් ප්ලේන්ටියක් වත් එක්ක කොහොම හරි වඩේ එක බඩට බස්ස ගන්න එක
-සදාචාරාත්මකයි
දෙක අලුත් ඉස්සා කාලා වඩේ එක විසි කරන එක
-සදාචාර විරෝදියි
චුට්ටක් හිතල බැලුවනං ආදරෙත් ඔහොම නේද කියලා
ෂා කටට කෙලත් උනනවා:) :) ඉස්සො වඩේ මතක් වෙලා
ReplyDeleteවෙලාවකට ආදරෙත් එහෙම තමා කනකන් කටට කෙල උනනවා
Deleteගෝල් ෆේස්...ඉස්සෝ වඩේ...ආදරය...
ReplyDeleteආදරය හැර අනික් දෙකම මම අදත් රසවිඳිනවා...ඒ දේවල් තුනම තිබ්බ කාලෙට වඩා ආසාවෙන්..
ඒ තවත් එක පැතිකඩක් , ස්තුතියි ඇවිත් යන්න ආවට
Deleteආයෙත් එන්න ගොඩ වෙලා යන්න
:D
ReplyDeleteඉස්සෝ වඩේ පින්තූරේ ටිකක් ලොකුවට දැම්ම නම් කියලා හිතුන බඩජාරිකමට!!!
ReplyDeleteජය ඔබට !!!!!!!!!!!!!!!
Deleteආයෙත් වතාවක් ඇවිත් යන්න එන්න