
ආච්චී මිය ගිය දිනවත් සීයා හැඩුවේ නැත .දෙණ අසල පට්ටාන බන රැව් දෙන රේඩියෝව ඇයට තනි රැක්කා පමණි.මිය ගිහින් වසරක්,දෙකක් ගතවී ලබන මැදින් මහට පුරා දස වසරක්ද පිරෙනු ඇත.එහෙත් ඒ දස වසර තුල ඈ නමින් සීයා කදුලක් හෙලනු මා දැක නැත.
දිනෙක සීයා හා මම මුතියංගන වෙහෙර වදීනු පිණිස ඒ පින් බිමට ගොඩ වැදුනෙමු.වැද පුදා අවසන සීයා සොයනු රිසින් පිය මනින මා හට වෙහෙර මුදුනින් පායා එන සද මුණ ගැසුණි.අසල ගල් පඩියක් මතට වී සීයා ඒ චමත්කාර දසුන දෙස බලා හිදියි.මේ පින් බිම සේම ඒ හදද පින්සරය .

පහදා කියනු නොහැකි හැගුමකින් ඒ නෙත පිරී ඇතයි මට සිතේ . මම කිසිත් නොකියමි . මේ සමාධිය බිද දැමීම තරම් නොවේ .
"ඇරපු අතක් නෑ මේ මැණිකේ කැන්දන් ආව දවසේ පයලා තිබුන හද මයි.."
මේ මුල පුරන්නේ හර්දයාංගම කතා බහකට විය යුතුයි.
"ගන්පහෙන් පාන්දර කෝච්චියට නැගල ,බදුල්ලට එනකොට රෑ උනා ..අපි කෙලින්ම ආවේ පන්සලට...වැදලා අහවර වෙලා යනකොට මේ විදිහටම හද පයලා තිබුනා"
මම නිහඩව ඒ දවස සිතෙන් මවා ගමී .මන්ගල රාත්‍රිය..... ජීවිත යාත්‍රාවේ සොදුරුම නැවතුම්පොලක් නොවේද ..තාරුණ්‍යයේ සොදුරු සිතුවිලි ඒ දෑස් මතින් නලියමින් වාන් දමන්නට ඇත.සද එලිය ඒ සිතුවිලි සියොතුන්ට සිත් සේ තටු සලන්නට විසල් අහසක් තනා දුන්නා නිසැකය.
ඉනික්බිති වසර පනහක් පුරාවට සීයාගේ පද පරිචාරිකාව වෙමින් ගෙවී ගිය ජීවිතය ඉදින් මේ සද එලිය තරම් සුන්දර විය නොහැක

ආදරයම උකස් කොට කප්පරක් සංසාර ණය හිලව් කරනට ඕ තොමෝ සීයා හට විවරණය විය .අවසන සියල් සංතාප ,අස්වැසුම් බදුලු අහසටම පුද දී ඈ යන්නටම ගියාය . නමුත් අද මේ වියපත් දෙනෙතින් පුනර්ජීවනය ලැබ පන ගසා නැගිට එන්නේ ඇගේ ආලයම නොවේද ??
මේ සද එළිය ඒ දෙහිත යා කරන අදිසි පාලමක් වුයේද?
සහසක් ප්‍රේමනීය කල්පනා ඒ පාලම මතින් කුර ගගා විත් දෙහද ආනන්දයෙන් සුවපත් කලේද?
සකල පිරිපත විද දරා ගෙන මිය ඇදෙන සිතකට ,ජීවනය පිබ පන පොවන ප්‍රේමයට ,පුර්විකාව සපයන්නට එවන් ආලයම දහම කොට ගත් වියපත් දෙනතක් තරම් යමක් මේ මිහි පිට ඇද්ද ?
මම ඒ දෙනත දෙස බලමි.කිසිදාක මා නොදුටු කදුලක් නෙත් කෙවෙනි අග දිලිසෙනු මට පෙනෙයි .
ඒ තුලින් මම ප්‍රේමය සොයමි.
"ස්වයන්ජාතව සිතේ මතු වන නැවුම් සිතිවිල්ලක්ද ප්‍රේමය
ලේ නහර ඇට මිදුළු විනිවිද රිදුම් දෙන හැගුමක්ද ප්‍රේමය "
ප්‍රේමය ලොව හැමතැනම ඇති
ReplyDeleteහැමදෙනටම හමුවෙලා ඇති
එනමුත් ප්‍රේමය කිමැයි කියලා
හදුනාගත් කිසි කෙනෙකු නැති
රස වින්දා හුඟක් හරි ලස්සනට පන්සල් භුමිය ඒ මිය ගිය සෙනෙහස අපේ හිතේ ඇන්ඳා
ලස්සනයි
මේ වචන මට දිරියක් !!!!!!!!!!!
Deleteබොහොම පිං ඔබට