Followers

Friday, March 29, 2013

ඈ නමින් ලියා තැබුවෙමි.

ජීවන වියමන වියමින් යන විට අතරින් පතර එහි රිද්මය ගිලිහී යයි .එවිට අහම්බෙන් මෙන් අපේ ජීවිතයට ගොඩ වදින මිනිසුන් ඒ ගිලිහී ගිය රිද්මය නැවත සීරුවට පසක් කර දෙයි .

එහා වාට්ටුවේ පෙච්චී යැයි සියල්ලෝම අමතන රෝගියෙකි.එහෙත් සියලු රෝගීන් ඇදෙස බලන්නේ විමතියෙනි, කුතුහලයෙනි .
ඇයට ඇත්තේ විසුළු මුහුණකි .හිසේ පැත්තක් මුළුමනින්ම බූගා ඇත .ඇදුම් දෙක තුනක් එක පිට එක ඇද සිටින ඇගේ අතක අගලක් දෙකක් තරම් ගැබුරට යන තුවාලයකි.විටෙක සේලයින් බෝතලයද ඔසවාගෙන ඇ එහේ මෙහේ යයි.මට කටු ගසන විට ඇ මා අසලට එයි .සියල්ලොම මා අසලින් නික්මුණ පසු ඇ මගේ සුරත අත්ලට ගෙන
"බබාට රිදුනද , බය වෙන්න එපා පෙච්චි ලග එන්නවනේ" යැ යි කියයි .




දිනෙක ඇ කොළ ඇපල් මල්ලක් මට ගෙනවිත්
දී  ."සපිදුංග අම්මා "යයි කියා ලස්සනට හිනා උනි  .
ගෙදිරින් ආවද යැයි මා
විසින් අසන ලද  පැනයට පිළිතුර ලෙස ඇ කිසිත්නොකීවාය  .එවිට මම කිසිත් නොකියම ඇදෙස බැලීමි  . 

 එවිට ඈ හොරෙන් සීනි කා අම්මාට අසු උන පුංචි දරුවෙක්  හිමින්  කෙදුරුවාය.


"මම පච්ච ඇපල් විතරයි හොරෙන් ගන්නේ .සාමි කියනවනේ සල්ලි ගන්න එපා කියල ...."
"මීට පස්සේ හොරෙන් ගන්න එපා .මට ගෙදරින් ගේන ඒවා අපි දෙන්නම කමු "මම කිමි .

ඉනික්බිති මේ අපුරු රෝහල් සගයා හා මම කොළ පාට ඇපල් කමින් සිනහ වෙමු .ඇය ඇපල් කන විලාසයට මට හිනා යයි .එය දකින ඇ හිතා මතා ම හිනා වෙයි .අත්පුඩි තලමින් අසීරුවෙන් සිනා වෙන ඇ දකින මට දැන්නම් සිනාව නවත්වාගන්නට බැරිය . අහල පහල ලෙඩ්ඩු විමතියෙන් අප දෙස බලයි .එහෙත් ඒ පිළිබද විමසිලිවත් වන්නට මේ වෙලාව නොවේ .මේ වියරු සිනහව අති සුන්දරය .




"මොකද බලෙන් හිනා වෙන්නේ ?" ලද ඇසිල්ලක මම අසමි .


"බබා හිනා වෙන්නේ පෙච්චි නිසානේ ඒ නිසා පෙච්චිට සතුටුයි
,ඒ නිසා හිනා උනා" .

මේ වියරු ගැහැණිය තුළ ඇති අත්ලක් මිට මෙලවූ කලක තරම් වන මාංශ පේශියේ සුන්දරත්වයට මම වසග වෙමි .ඇයට ඇති රෝගය ගැන ඇය දන්නේ නැත .ඒ ගැන දැන ගන්නට ඇයට උවමනාවක්ද නැත . විටෙක ඇය මෙසේ කියයි.
"පෙච්චිට දවස් ටිකයි , බබාට දවස් ගොඩයි" .
නමුත් මම දනිමි, ඇය ඒඩ්ස් රෝගියෙකි . එහෙත් මරණය දැක දැකද මා සිනහවෙනු දකින්නට ඇය බොරුවට සිනහවෙයි.මුල් දින දෙකේදී හෙලු කදුළුවලට සරිලන්නට දැන් අතිශය දයාර්ද හදවතක් මා අසල ඇත......
.පෙරේදා රෑ ඇය වෙනත් වාට්ටුවකට මාරු කර ඇත .මම දන්නේ ඇයට අතිශය අසාද්‍ය බව පමණකි .අදටද ඇය ගැන කිසිදු ආරංචියක් නැත ."මට දවස් ටිකයි" යයි ඇය කියූ වදන අවතාරයක් ලෙස මගේ මනස තුල හොල්මන් කරයි.ඇය මේ රෝහලෙන්ද සමහරවිට ජීවිතයෙන්ද සමුගෙන ගොස් විය හැක මගේ ලොකරය උඩ කොළ පට ඇපල් ගොඩකි .
එහෙත් මම මෙසේ සිතමි .
මේවා කොච්චර පරණ ඇපල්ද ,බෙහෙත් ගහලත් ඇති ,මේවා කාලා ලෙඩ හදා ගන්නේ මොකටද ?

මලක් ලස්සන නැත ,ලස්සන එය විදින අගයන දෙනෙතක් පමණි .
යම් ජයග්‍රහණයක් , කිත් පැසසුමක් ,සුබ නිමිත්තක් එක් ලබැදි හදවතක් සමග බෙදා ගන්නා තෙක් හදවත වේගයෙන් ගැහෙන අයුරු කෙදිනක හෝ ඔබ විද තිබේද ?
යම් සටහනක් කවියක් ඔබතින් ලියවුනු බලි කුරුට්ටක් යම් දෙඅතකට පවරා ඒ මුවේ ඇදෙන සිනාවක් වෙනුවෙන් ඔබ කෙදිනක හෝ පිපාසිතව බලා හිද ඇද්ද ?
අවසන මා ඔබට කියමි ජීවිතය සුන්දර නැත .මේ රෝහල් ඇදේ සිට එයම මම සපථ කරමි.හාන්කවිස්සියක්වත් අංශු මාත්‍රයක් වත් සුන්දර නැත .
සුන්දර ඔබ ලගින් හිද එය බෙදා හදා ගන්නා හදවතක් පමණි .සැනසුම නම් එවන් හදවතක්, පරාන කුඩුවක් මේ විසල් ලෝ තලය තුල කොතැනක හෝඋණුසුමින් රැදෙන මතකය පමණි


     

2 comments:

  1. විදින්න පුළුවන් හැඩ සිතුවිලි තියෙන සටහන්...!!
    දිගු බ්ලොග් ගමනකට සුබ පැතුම් එක් කරනවා මේ එක්කම...))

    ReplyDelete
  2. හොඳයි වගේ... අයෙත් එන්නම්...

    ReplyDelete