Followers

Wednesday, March 27, 2013

මේ මගේ විසි හතර වෙනි උපන්දිනයයි


අදට හරියටම අවුරුදු 24 කට පෙර අද වැනිම දිනෙක කාසල් වීදියේ කාන්තා මහා රෝහල ඉදිරිපිට අපේක්ෂාවෙන් කල් මරණ තාරුන්යයකි.දහසක් අවිනිශ්චිත හැගුම් , බලොපොරොත්තු සිසිල් අලියා බීම බෝතලයක දිය කොට ගෙන්දගම් බොරැල්ල අහස දෙස ඔහු බලා උනි . හැන්දෑවේ 5.30 ට පමණ රෝස පාට  පැනල් රෙද්දක ඔතා තම අතට ලද සිගිත්තිය ඉනික්බිති ඔහුගේ හද ගැස්ම විය . .
ගෙදරක ඉහලින්  නැගෙන දුමාරය  එහි ඉදෙන නැවුම් බතක නිමිත්තක්ම නොවූ භීෂණ සමයකි එය . ටයර් සෑ වල දැවී යන පුළුටු මිනී ගදින් සිත් සතන් ගිනි ඇවිලුණු එසමයේ කුස තුල වැඩෙන කිරි කැටියාව අපමණ සෙනෙහසින් දරා උන් ගැහැනියක විය .පාපතර ලොවක් නමින් නැගෙන සුසුමකින් පවා කුස තුල වැඩෙන බිලිදියව කිලිටි වන්නට නොදී   රැකගත් දයාබර අම්මාය ඇය.



රෝහලේ සිට ම ගෙදර ගෙන එන මග දිගට දහසක් පිරිත් මුමුනමින් ආච්චි මා  තුරුළු  කරගෙන එන්නට ඇති . රටක් රාජ්‍යක් ලැබුණා සේ පස් වනක්  ප්‍රීතියෙන් උදම් වී සිටි සීයා  කී වතාවක් නම් මගේ අත්  පා  සිප ගන්නට ඇද්ද ? ලෙච්චමී මා පිළිගන්නට මග බලා ඉන්නට ඇති !! මා වෙනුවෙන් මුරුගන්  කෝවිලට භාර වී ගිනි අගුරු මත නටා ඇවිදිමින් ඈ මා නමින් දෙවියන් පුදන්නට ඇති .නළලේ තිලක තියන පවට මිනිසුන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට වූ සමයකි එය , එහෙව් කලෙක පවා ඒ හදවතේ  මා නමින් වුනු අපමණ සෙනෙහස මට නොලි කවි දහසකි  .ආදරයට සීමා මායිම්  කුල මල නොතරම් බව හදුනන මිනිසුන්ගේ සිත් වල දෙවියන් වැඩ හිදින බව කියා දුන් ගැහැණිය ඇය ය. දිනයක් සුබ අසුබ වන්නේ නැත .උපන්දිනය ගැන කියනු කීම . සුබ වන්නේ සුන්දර සරල මිනිසුන් ඇසුරේ ගෙවෙන ජීවිතයයි , මේ දුවන ගමනේ හති වැටෙන මොහොතක මගේ කියා කියාගෙන කෑ ගසාගෙන සොයා යන්නට යමක් වේනම් ඒ එදා සිට ඒ සොදුරු මිනිසුන් මට පිදු නිකැළැල් සෙනෙහසය . ඒ සෙනෙහස නමින් මේ එක් කල සුභ පැතුම් වලට ඔබට පින් !!!!!

6 comments:

  1. සුභම සුභ උපන්දිනයක් වේවා :):) හතන පතන හැමදේම ඉටුවෙන වාසානවාන්ත :)උපන්දිනයක්

    ReplyDelete
    Replies
    1. පින් පිං
      සුබ ප්‍රර්ථනා වලට !!!!!!!!!!!

      Delete
  2. 24ට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ජය ඔබට
      පින් පිං !!!!!!!!!!!!!!!!!

      Delete
  3. මම මේ පැත්තට ගොඩ උනේම උපන්දිනේ දවසෙනේ.. එහෙනම් සුභ උපන්දිනයක් වේවා..

    ReplyDelete
    Replies
    1. ජය ඔබට ඔබට
      ආයෙත් වතාවක් ඇවිත් යන්න එන්න!!!!!!!!!!

      Delete