Followers

Saturday, March 23, 2013

පළමු කව

පළමු කවිය හිත තුල ඉපදුන ඒ දවස මට මතක නැත .එහෙත් මම දන්නා දෙයක් ඇත . ඒ  එදා හද කවදාවත් නැති තරම් පින්බර වූ බවය .එදා අහස පහදා කිව නොහැකි තරම් දුකකින් වැළපුන බවය . එහෙත් ඒ දුක මැදින් බලාපොරොත්තුවක සේයාවක් රැදී නොතිබුණා යැයි කිව නොහැක .විලි රුදා විද බහිකල දරුවෙක් දෙස බලන අම්මා කෙනෙක් වන් අහසක්ය එය .ලා  ළදල්ලක ,ඔහේ පාවී යන පිනි බිදක චමත්කාරජනක සෞන්දර්ය ඉදිරියේ නිරුත්තර වී මම ඔහේ බලා සිටි බවය .
එසද,  අපිළිවෙල වචන ටිකක් හිත පතුලෙන් පීදී උඩු හුළගට ගසා ගෙන ගියා මතකය .ඒ පළමු කවියේ හීන් පැල්ලමක් තවමත් හිතේ මිහිදන් වී ඇත .
මම ඒ  එදා මවෙතින් ගිලිහුණු කව සොයමි . මේ එහි ඇරැබුමයි , දිගු ගමනක පළමු පියවරයි ,

2 comments:

  1. දිගු ගමනක පළමු පියවර සුභ පැතුම්

    ජය

    ReplyDelete
    Replies
    1. ඒ පළමු පියවර තබන්නට අත්වැලක් විය ඔබ
      මා හිත මිතුරු ලබැදිය ,....
      මේ හද නැගෙන තුති ඒ නමින් ඔබ හට

      Delete